කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද පියවර ගෙන ඇත.
Published in Gossip
More from GossipMore posts in Gossip »