කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනෙන ප්‍රදේශ සිතියම්ගත කර එම ප්‍රදේශ වසා දැමීමට අවශ්‍ය පියවර ගත යුතු බව එම සංගමය සඳහන් කරයි.
මේ දක්වාත් වසංගත රෝග විද්‍යා අංශය ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් සමාජය තුළ තවම කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් නොමැති බවත් ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Published in Gossip
More from GossipMore posts in Gossip »