කොළඹ මැනිං වෙළඳපළේ සිල්ලර වෙළඳසැල් 32ක් කොරෝනා අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.
එක් වෙළඳසැලක සේවකයෙකුගේ බිරිඳ කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
එම නිසා ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා තැබීමට උපදෙස් ලබා දී ඇති බව කොළඹ මැනිං වෙළඳපලේ ජ්‍යෙෂ්ඨ වෙළඳ පරිපාලක කිංස්ලි මදුරප්පෙරුම මහතා පවසා ඇත.
වසා ඇති වෙළඳසැල්වල සිටි පුද්ගලයන් 35 දෙනෙකු හෙට(15) දිනයේදී PCR පරික්ෂණයට යොමුකිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »