Press "Enter" to skip to content

කළුතරින් කොවිඩ් ආසාදිතයන් 4ක්

කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ,මතුගම බදුගම,මතුගම යටදොල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු 13 දා නාගොඩ රෝහලේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

මීට අමතර දිවුලපිටිය ලිපිනය සඳහන් 26 හැවිරිදි අයකුද නාගොඩ රෝහලේ ආසාදිතයෙකු ලෙස ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පැලවත්ත ආසාදිතයෙකු වන කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදියකගේ පවුලේ තවත් සාමාජිකයන් හයදෙනෙකු සිටින බවත් ඔවුන්ගේ සම්බන්ධීකාරකයන් හඳුනා ගනිමින් තිබෙන බවත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රංන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

මේ අතරින් මතුගම බදුගම, සහ මතුගම යටදොල හා ආසාදිතයින් තිදෙනා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකු සහ එහි රියදුරා සහ කොන්දොස්තරවරයා බව වලල්ලාවිට සෞඛ්ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.