මහනුවර ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හදුනාගෙන තිබේ.
ගලගෙදර පොලීසිය පැවසුවේ මෙම ආසාදිතයා ජා-ඇල ප්‍රදේශයේ රැකියාවක නියතු අයෙක් බවයි.
මෙම තත්ත්වයත් සමග ගලගෙදර ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොද ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි.
ඒ අනුව ගලගෙදර ප්‍රදේශයට ඇතුළු වීම ද සීමා කොට ඇත.