සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
එම කර්මාන්ත ශාලාවේ අධ්යක්ෂකවරියන් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග අද (12) මෙම පියවර ගත් බව සපුගස්කන්ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
ඒ අනුව, එහි සේවකයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකුගේ සහෝදරයෙකු මෙම ස්ථානයට පැමිණ ඇති බවද සපුගස්කන්ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
(mawbima.lk)
Published in Gossip
More from GossipMore posts in Gossip »