මිනුවන්ගොඩ ඇගළුම් කම්හල ආශ්‍රිතව ඇතිවූ පොකුර හේතුවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද දිනයේදී හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස වෛරසය ආසාදනය වූ පිරිස අතර 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 22 දෙනා පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ වන විට මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1247ක් දක්වා ඉහළ ගොස් ඇත.
Published in Health
More from HealthMore posts in Health »