රට තුළ නැවත කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ අනුව වසා දමන්නේ තැබෑරුම්, කැසිනෝ හා රාත්‍රී සමාජ ශාල පමණක් බව සුරාබදු දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
ඒ අනුව විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 වැනිදා දක්වා වසා තැබෙයි.
කෙසේ වෙතත් සීමා කිරීම් යටතේ මත්පැන් හල් හා හෝටල, තානායම් හා අගන්තුක නිවාස පවත්වාගෙන යා හැකි අතර වයින් ස්ටෝර්ස්, හෝටල, තානායම්, බියර් හා වයින් සිල්ලරට විකිණීම යන සුරාබදු ස්ථාන එළැඹෙන 31 වැනිදා තෙක් ඉහළ සීමා කිරීම් යටතේ පවත්වාගෙන යෑමට අවස්ථාව පවතී.
Published in Gossip
More from GossipMore posts in Gossip »