දැනට පවතින තත්ත්වය අනුව දුම්රිය ස්ථාන 20ක දුම්රිය නොනවත්වා ධාවනය කිරිමට කටයුුතු කර තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ (බුළුගහගොඩ/ගනේමුල්ල/යාගොඩ/ගම්පහ/දාරලුව/බෙම්මුල්ල/මගෙලගොඩ/හීන්දෙණිය පට්ටිගෙඩ/වේයන්ගොඩ/වඳුරව/කීනවල/පල්ලෙවෙල/ගනේගොඩ/විජය රජදහන/මීරගම/විල්වත්ත/බෝතලේ/අඹේපුස්ස) දක්වා දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.
මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ පේරලන්ද හා කුරන යන දුම්රිය ස්ථාන තුළද දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.
තවදුරටත් කොළඹ කොටුවේ සිට ගම්පහ, වේයන්ගොඩ, මීරගම හා අඹේපුස්ස යන දුම්රිය ස්ථාන ස්ථාන වෙත දිනකට දුම්රිය ගමන් වාර 30ක්ද අවලංගු කර තිබේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »