හොරණ මූලික රෝහලේ නිලධාරිනියක් අද සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
පෙරේදා හොරණ මූලික රෝහල මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල අද සවස නිල වශයෙන් ලැබී තිබූ අතර ඒ අනුවකොවිඩ් ආසාදිත වූ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ යාල ග්‍රාමයේ පදිංචි සෞඛ්‍ය සේවා නිලධාරිනියක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.
අගුරුවාතොට පොලිසීය , මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හොරණ මූලික රෝහලේ සහය ඇතිව කොවිඩ් ආසාධිත නිළධාරිනියව ගිලන් රථයක් මගින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යැවීමට කටයුතු කරන ලදී.
(ada.lk)
Published in Health
More from HealthMore posts in Health »