කොළඹ 07, ශාන්ත බ්රිජේඩ් කන්‍යාරාමයේ සිසුවියකගේ දෙමාපියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශාන්ත බ්රිජේඩ් කන්‍යාරාමයේ විදුහල්පතිනිය විසින් අද (08) දිනයේ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මගින් විදුහල්පතිනිය සදහන් කර ඇත්තේ කොවිඩ් ආසාදිත එම දෙමාපියන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
පවුලේ සාමාජිකයන්, විශේෂයෙන්ම ශාන්ත බ්රිජේට් කන්‍යාරාමයේ ශිෂ්‍යාවගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල ඉක්මනින්ම දැන ගත හැකි වනු ඇති බව ද විදුහල්පතිනිය විසින් පාසලේ සියලු දෙමාපියන්ට දන්වා සිටියි.
කෙසේ වෙතත් මේ වන විට එම පවුලේ අනෙකුත් සාමාජිකයින් ද නිරෝධායනය සදහා යොමුව තිබේ.
එම නිවේදනය පහතින්….

Published in Health
More from HealthMore posts in Health »