Press "Enter" to skip to content

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට Covid-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

මෙම පිරිස සොයාගෙන ඇත්තේ මුල්ලේරියාව හා අයි.ඩී.එච්. පරීක්ෂණා ගාරයේ පීසීආර් පරීක්ෂණ වලින් පමණක් බවද පැවසේ.

ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.