Press "Enter" to skip to content

තම ඉඩම් ඇති බව කියමින් විල්පත්තු කැලේට අයිතිකරුවෝ පෝලිමේ එයි

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ තම ඉඩම් ඇති බව කියමින් විශාල පිරිසක් ඉඩම් බලපත්‍රද රැගෙන විල්පත්තුවට පැමිණෙන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

අක්කර 115ක ඉඩමක් තමන් සතුව ඇති බව කියමින් එක් පුද්ගලයකුද තවත් අක්කර 2ක් තමන්ට හිමි බව කියමින් තවත් අයකුද ඔවුන්ට නිකුත් කළ බව කියන බලපත්‍රය සමඟ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පාලකවරුන් හමුවට පැමිණ තොරතුරු ඉදිරිපත් කොට ඇති බව පැවසේ.

මීට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ හා ඉන් පිටත ඉඩම්වලට අයිතිවාසිකම් කියමින් පැමිණෙන පිරිස වැඩිවෙමින් පවතින බවද එම ඉඩම් සඳහා විවිධ වර්ගයේ බලපත්‍ර ඔවුන් විසින් රැගෙන එන බවද විල්පත්තු ජාතික වනෝද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි.

එම ඉඩම් සඳහා ඇති බලපත්‍ර පිළිබඳව විශාල සැකයක් ඇති බවත් ත්‍රස්තවාදී කලබල සමයේ විල්පත්තුවේ ඉඩම් අතහැර ගිය පිරිසට වෙනත් පළාත්වලින් ආදේශක ඉඩම් ලබාදීමේ පදනම මත ඔවුන්ට ඉඩම් ද හිමිවී ඇත.

විල්පත්තුවේ අයිතිය කියා සිටින ඉඩම් ඔවුන්ට ලබාදීමේ අවශ්‍යතාවක් නැති බව විල්පත්තු ජාතික වනෝද්‍යාන පාලකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.