තමන් විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධ බව ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘අනිද්දා’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් පළ කරන පුද්ගලයින්ගෙන් අදහස් වල්ට තමා එකඟවීම තමාගේ ස්ථාවරයට හේතුව බව ඔහු සඳහන් කර ඇත.
මේ වන විට මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 39 ගොනු වී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තුවට යොමු කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ වාද විවාද කළ යුතු බවත්, එහිදී තම අදහස් ප්‍රකාශ කරන බවත් ඇමති විදුර වික්‍රමනායක මහතා එම පුවත්පතට වැඩිදුරටත් පවසා තිබේ.
තුෂ්ගේ ඉල්ලීමමේ අතර සිය සොහොයුරු විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත පසුගියදා විවෘත ලිපියක් යොමුකරමින්, හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවන මෙන් ඔහුට ආයාචනා කර තිබිණ.
“දරුවන් අනාතයි. පරිසරය විනාශයි. නීතිය විකුර්තියි. අයිතීන් කම්මුතුයි. Bullet proof vest එකක් ඇඳලා වත් මේ වින්නැහියෙන් බේරෙන්න බෑ. වරප්‍රසාද කිසිවක් බලපොරොත්තු නොවන, අවංකවම මිනිසුන් ගැන කැක්කුමක් ඇති ඔයාට පුලුවන් 20වන සංශෝදනයට විරුද්ද වෙන්න. මුතු ඇටයේ People Power නියමුවා වෙන්න,” යනුවෙන් වෛද්‍ය තුෂ් වික්‍රමනායක සිය සොහොයුරාට ආයාචනා කර තිබිණ.
අදාළ ඉල්ලීම පහත දැක්වේ.

(srilankamirror.com)
Published in Political