හෙරොයින් ග්‍රෑම් 152ක් සහ කේරළ ගංජා කිලෝ පහක්, යතුරුපැදියකින් හෝ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබූ උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනෙක් ඔක්තෝබර් නවවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක නියෝග කළේය.
සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ඇතුළු තිදෙනාම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
මෙහි එක් සැකකරුවෙක් උපකාරක පන්ති ගුරුවරයාගෙන් ගණිතය හැදෑරූ සිසුවෙකි. උපකාරක පන්ති ගුරුවරයාගේ බිරිඳට නවීන පන්නයේ වාහනයක අවශ්‍යතාවක් ඇතිවී තිබේ. ගෝලයා විසින් මේ සඳහා හොඳම විසඳුම මත්ද්‍රව්‍ය ජාවාරම බව ගුරුවරයාට පෙන්වාදීමෙන් මෙම ජාවාරමට ගුරුවරයා සම්බන්ධ වූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කොළඹ මීගමුව පාරේ දඬුගම පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව දෙසට ගමන් කරමින් සිටියදී අනෙක් සැකකරුවන් දෙදෙනා සීදුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 102ක් හා ගංජා කිලෝ පහක් සමග අත්අඩංගුවට ගෙන ඇත.