කොරෝනා වසංගතය පාලනය කල හොදම රටවල් අතුරින් ශ්‍රීලංකාවට ලෝකයෙන්ම දෙවන ස්ථානය හිමිව තිබේ.
සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය මඟින් ලොව පුරා පැවැත්වූ සමීක්ෂණයකට අනුව ප්‍රකාශයට පත්කළ ගෝලීය Covid – 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 108 ක් අතුරින් සමස්ත ලකුණු 59.2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ.
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම මෙය වෙයි.
බ්‍රසීලය හා එක්සත් ජනපදය යන කොවිඩ් හේතුවෙන් දරුණු අයුරුන් බැට කන රටවල් දෙක මෙම ශ්‍රේණිගත පිළිවෙලින් 89 වන සහ 98 වන ස්ථාන වල සිටී.
දර්ශකයේ පළමු ස්ථානය සමස්ත ලකුණු 68.1 ක් ලබා ගනිමින් චීනය හිමිකර ගෙන ඇති අතර දර්ශකයේ පළමු ස්ථාන 10 එනම් Covid – 19 වසංගතයට සාර්ථකවම මුහුණ දුන් රටවල් 10 හා ලබාගත් සමස්ත ලකුණු මෙසේය.
- චීනය – 68.1
- ශ්‍රී ලංකාව – 59.2
- ඝානාව – 58.8
- දකුණු කොරියාව – 57.6
- මියන්මාරය – 56.3
- ඕස්ට්‍රේලියාව – 55.6
- තායිලන්තය – 55.4
- නවසීලන්තය – 55.1
- වියට්නාමය – 54.0
- කාම්බෝජය – 53.7
මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වනවා. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්වුණා.
කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව චීනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගයි.
කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවනවා