Press "Enter" to skip to content

බණ්ඩාරනායක මැරුවා; මා නොමරා මැරුවා – මෛත්‍රි

දක්ෂිණාංශික බලවේග තමා රට පාලනය කළ කාලයේදී තමා නොමරා මැරූ බව ශ්‍රී ලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

දිවංගත එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දක්ෂිණාංශික බලවේග විසින් වෙඩි තබා මරා දමනු ලැබූ බවත් තමාව ද එවැනි බලවේග නොමරා මැරූ බව ද කීය.

2015 තමා ජනපති ලෙස උත්සාහ කළේ බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලනිප දර්ශනය අනුව රට පාලනය කිරීමට බවත් බාධාවලින් තොරව එදා කටයුතු කෙරුණා නම් බොහෝ වෙනස්කම් රට තුළ කළ හැකිව තිබුණු බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේ කොළඹ ශ්‍රී ලනිප මූලස්ථානයේ පැවැති 61 වැනි බණ්ඩාරනායක සමරුවට එක්වෙමිනි.