කොරෝනා සමයේ සමෘද්ධි සංවර්ධන බැංකු හරහා ලබාදුන් රුපියල් 10,000 මුදල වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින් ඒ හේතුවෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් එම පරීක්ෂණ පැවැත්වෙන බව එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.
හම්බෙගමුව සමෘද්ධි සංචර්ධන බැංකුවේ සිදුවූ එවැනි මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව ඊයේ විමර්ශන මගින් තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ද ඒ සඳහා පාදක කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
(srilankamirror.com)
Published in Gossip
More from GossipMore posts in Gossip »