කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා 03කට අද (24) දැඩි ලෙස අවවාද කර තිබේ.
ඒ කොමිසම හමුවේ පසුගිය සතියේදී ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් එම පාර්ශව වෙතින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමිනි.
පාස්කු කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය සාක්ෂි දී ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා පසුගිය 20 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා විසින්ද පසුගිය 20 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
(srilankamirror.com)