LPL කණ්ඩායම් මිලදී ගැනීම සඳහා මුකේෂ් අම්බානි, ෂාරුක් ඛාන්, ප්‍රීති සින්ටා ඔක්තෝම්බර් 01 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ලබන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගැනීම සඳහා ඉන්දීය සුපිරි සිනමා තරු සහ ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටින බව මුම්බායි මිරර් වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබුණි.
ෂාරුක් ඛාන් මේ වනවිටත් ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කොල්කට් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි.
ප්‍රීති සින්ටා ඉන්දියන් ප්‍රීමියර් ලීගයේ කිංග්ස් IX කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබයි.