බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර තරුණයාට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත දූෂණයට ලක්වූ දැරියගේ මව ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙලස අත්අඩංගුවට ගත් තරුණයා සහ කාන්තාව රත්ගම සහ ගිංතොට පදිංචිකරැවෝ වෙති.
15 හැවිරිදි මෙම දැරිය මීට පෙර අවස්ථාවකදී ද වෙනත් තරුණයෙකු අතින් අපයෝජනයට ලක්වීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර පරිවාස අධීක්ෂණය යටතේ මවට භාර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »