රේගුව සන්තකයේ තිබූ රුපියල් 70 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් විදේශයකින් ගෙන්වනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හොර රහසේම රැගෙන ගිය බව කියන සිද්ධියකට රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මෝටර් රථය බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වා ඇති අතර එය රේගු දෙපාර්තමේන්තුවේ ගේ්රලයින් – 2 හි තිබියදී ඉබි යතුරු කඩා මෙලෙස හොර රහසේ පිටතට රැගෙන ගොස් තිබිණි.
මෙම සිද්ධියට අදාළ සැකකාර නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව එහි පැමිණි අවස්ථාවේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Published in Gossip
More from GossipMore posts in Gossip »