Press "Enter" to skip to content

කොවිඩ් 19 පැතිරෙන අළුත් විදියක්

යමෙක් හුස්ම ගන්නා විට ඉන් පිටවන ඉතා කුඩා බිඳිති වාතයේ රැඳී තිබී පසුව ඒ හරහා ද කොවිඩ් -19 පැතිර යාහැකි බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෙබ්අඩවියේ සඳහන් ව ඇති මාර්ගෝපදේශ වල දැක්වේ.

කොවිඩ් -19 ඉතා සමීප සම්බන්දතා ඇති පුද්ගලයින් අතර පැතිරෙන බවත් යින් වැළකී සිටීමට අඩි 6ක් පමණ දුරස්ථභාවයක් තබාගන්නැයි මින් පෙර එම වෙබ් පිටුවේ සඳහන් වූයේය.

ආසාදිතයෙක් කහින විට, කතාකරන විට හෝ කිවිසුම් පිටකරන විට විසිවන බිඳිති ඔස්සේ කොවිඩ් -19 පැතිරෙන බව මුලින් සඳහන් වුවත් “හමුවී ඇති සාක්ෂි අනුව පෙනීයන්නේ බිඳිති සහ අංශු අප අවට වාතයේ රැඳී තිබී ස්වසන මාර්ගය හරහා අන් අයට ආසාදනය විය හැකිය,” යනුවෙන් දැන් එහි සඳහන් වේ.

ගායනා පුහුණුව, ආපනශාලා තුළ ගැවසීම හෝ කායවර්ධන පුහුණුව මගින් අඩි 6 සීමාවද ඉක්මවා අන් අයට වෛරසය බෝවිය හැකි බව බවත් විශේෂයෙන් අඩු වාතාශ්‍රයක් ඇති ගෘහස්ථ පරිසර හරහා එය පැතිරීම ඉහළ යන බව ද සඳහන් වේ.