අම්පාර ඔළුවිල්හි අග්නිදිග හා යාපනය යන විශ්වවිද්‍යාල දෙකේ නවක වධ සිද්ධීන්ට සම්බන්ධ සිසුන් අට දෙනෙකුගේ ශිෂ්‍යභාවය ජිවිත කාලයටම තහනම් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙම විශ්වවිද්‍යාල දෙකෙහිම මෙම නවක වධ සිද්ධීන්වලට සම්බන්ධ වූ සිසුන් මේ වන විට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
අග්නිදිග විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක සිසුන් නිරුවත් කර නවක වධයට ලක් කර ඇති අතර මීට ඉහතදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිලි ද ලැබී තිබිණි.
යාපනය විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨයේ නවක සිසුන්ට සති අන්තයේ නිවෙස්වලට යාමට නොදී බලහත්කාරයෙන් රඳවා ගනිමින් නවක වධයට ලක් කරන බව තහවුරුවී ඇති බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »