මත්කුඩු ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් මගින් අයථා ලෙස වත්කම් ඉපැයූ පුද්ගලයන් සෙවීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නමින් වෙනමම පොලිස් කොට්ඨාසයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මේ නව කොට්ඨාසයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මාධ්‍යට පවසා තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා එම නව කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා පත්කර ඇත.
පාතාල කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉපැයූ නීතිවිරෝධී වත්කම් හා දේපළ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වෙනමම විමර්ශන අරඹා තිබුණු අතර එම කාර්යය සඳහා මෙම නව කොට්ඨාසය අරඹා ඇත.
පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ පාතාලයෙන් හා මත්කුඩු ව්‍යාපාරවලින් ඉපැයූ මුදල් මෙරට විශාල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේම ව්‍යාපාර යොදවා ඇති බවට සැකයන් මතුව තිබීම මේ කොට්ඨාසය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
මෙම කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ යටතේ අධීක්ෂණයට ලක්කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද මෙම විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත කර ඇත.