කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ සිට මහමෝදර රෝහල දක්වා වු කොටසේ මංතීරු නීිතිය පිළිබද මෙහිදී රියදුරන් දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.
අද උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාතී්ර 7.00 දක්වා කාලය තුල මෙම මාර්ගයේ ගමන් කරන රථවාහන රියදුරන්ට මංතීරු නීතිය පිළිබද සතියක කාලයක් දැනුවත් කිරිමටයි ගාල්ල රථවාහන පොලිසිය තීරණය කර ඇත්තේ. යතුරුපැදි, තී්රරෝද රථ, බස් රථ, ලොරි රථ, මාර්ගයේ වම්පසින් ගමන් කළ බවයි වාර්තා වන්නේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »