Press "Enter" to skip to content

මෙහෙයුම් සාර්ථකයි – පාතාලය හාන්සියි

පාතාල කණ්ඩායමක් විසින් සිදුකරන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පහරදීම් වෙඩි තැබීම් ඇතුළු අපරාධ ක‍්‍රියාකාරකම් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇති බව පොලිස් අපරාධ අංශ භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ගෙවී ගිය මාස හතරකට ආසන්න කාලය තුළදී පාතාල අපරාධ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් හෝ සිදුවීමක් වාර්තාවී නැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පාතාල ක‍්‍රියාකාරකම් මෙසේ මුළුමනින්ම නතරවී තිබේ.

තවදුරටත් නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ රහසිගත ආකාරයෙන් සඟවාගෙන සිටින බවට තහවුරු වීමත් සමඟ ඒ පිළිබඳ ඔත්තු ලබා දෙන්නන්ට විශාල මුදලක් තෑගි ලෙස ලබාදීමටද නීති විරෝධී අවි ආයුධ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට සහ සහාය වන පුද්ගලික ඔත්තුකරුවන්ට දිරි ගැන්වීම සඳහා ලබා දෙන තෑගි මුදල් ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට ද පොලිස්පතිවරයා තීරණය කර ඇත.