පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී පසුගියදා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම, එම ප්‍රකාශය කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලාගේ ද සමස්ත පූජක සංසදයේ ද බලවත් විරෝධය ප්‍රකාශ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අගරදගුරු නිවස සඳහන් කළේ.
මන්ත්‍රීවරයා විසින් අගරදගුරු හිමිපාණන් වෙත එල්ල කර ඇත්තේ අසත්‍ය මෙන්ම අසාධාරණ චෝදනාවක් බව ද ප්‍රකාශ කර තිබෙනවා.
කාදිනල් හිමිපාණන්, රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කිසිලෙසකත් පෙර දැනුවත්වී නොසිටි බවට ද එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
එම නිවේදනය පහතින්.