බාලවයස්කාර දරුවන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පොළඹවන ලද 18 හැවිරිදි තරුණියක් දඹුල්ල පොලීසිය අද(18) සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සුලෝචනා හෙවත් සුච්චි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම තරුණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඇය පදිංචිව සිටි නිවසෙහි සිදුකළ පරීක්ෂාවකදී හෙරොයින් මිලිග්‍රෑම් 820 ක් ද සොයා ගෙන තිබෙනවා.
වයස අවුරුදු 15 ත් 18 ත් අතර වියේ පසුවන තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පොළඹවා ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
එලෙස මත්ද්‍රව්‍ය වලට පොළඹවූ තරුණයින් පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Published in Gossip
More from GossipMore posts in Gossip »