නිෂ්පාදනය ඉතා අසීරුයැයි පැවසෙන දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා ඊයේ මුල්ගල් තැබුනා. ඒ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ ‘අලුත් රටට අලුත් බෙහෙත්’ සංකල්පය යටතේ මෙම නිෂ්පාදනාගාරය ඉදිකෙරෙනවා.
ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින්. රුපියල් බිලියන 3.5 ක ආයෝජනයක්වන මෙම නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් මාස 24ක් තුළ අවසන් කිරීමට නියමිතයි.
දියවැඩියා රෝගීන්ගේ භාවිතය සඳහා ඉන්සියුලින් ඖෂධය ඉන්දියාව-පාකිස්තානය-බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල්වලින් ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් මිලියන 3300ක් වනවා.
සැලසුම් කරඇති පරිදි වසර දෙකකදී ඉන්සියුලින් නිෂ්පාදනය ආරම්භකිරීමෙන් පසුව එම ඖෂධය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කෙරෙන අතර අපනයනය ආරම්භකිරීමට ද නියමිතයි. අද පැවති උත්සවය සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ,ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන,රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ PMC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, දියවැඩියා රෝග විශේෂඥ මහාචාර්ය සිරිබද්දන ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Published in Health