කොළඹ ජාතික රෝහලේ අලුතින් ස්ථාපිත කළ විකලාංග ප්‍රතිකාර ඒකකය, බඩවැල් හා ආමාශ පිළිබඳ ශල්‍ය ඒකකය, වකුගඩු ඒකකය, ස්නායු ප්‍රතිකාර ඒකකය හා මානසික රෝග ප්‍රතිකාර ඒකකය ඇතුළු ඒකක ගණනාවක්ම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳසහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ සේවය කළ වෛද්‍යවරුන්ගෙන් 500ක් පමණ ස්ථානමාරු ලබා වෙනත් රෝහල් වෙත යාමට පටන් ගෙන තිබීමෙන් ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිව මෙම තත්ත්වය උදා වී ඇතැයි පැවසේ.
මේ හේතුවෙන් මෙම ඒකකයන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියි.
මෙම ස්ථාන මාරු හේතුවෙන් ලබන වසරේ මුල වනතෙක් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩුව පුරවා ගැනීමට නොහැකි තත්ත්වයක්ද උදාවී ඇතැයි වාර්තා වේ.
තවද ඇතැම් ප්‍රතිකාර ඒකක සඳහා විශේෂ පුහුණුවීමක් අවශ්‍ය වන අතර අලුතින් එම ඒකක වෙත අනුයුක්ත කරන වෛද්‍යවරුන්ට ඒ සඳහා වන පුහුණුව ලබාගැනීමට යම් කාලයක් ගතවන බැවින් එම ඒකකවල රෝගී ප්‍රතිකාරයන් යම් ප්‍රමාදයකට ලක්වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.