තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම්, ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැලපෙන මහල් නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බවයි. උතුරේ සුබසාධන කඳවුරුවල වෙසෙන ජනතාවට නිවාස තනා කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි ක්‍රියාශීලි කළ යුතු බවයි.
රට පුරා පවුල් පන්ලක්ෂ 26,000 කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නොමැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ අදාළ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියා.
Published in Political