පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.
ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.
කෙසේවෙතත් සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ බොහෝ පාර්ශව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක්වුණා.
පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා හයවන දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ පස්වරුවේ පැමිණියා.