ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළට පිටින් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් බව හඟවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය හිතවතුන් 26 දෙනකු බඳවාගෙන ඇති බව එහි වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
එහි සේවය කරන උසස් නිලධාරින්ගේ ඥාතීන් එම තනතුරු සඳහා බඳවා ගැනීමේ වුවමනාවකින් පසුගියආණ්ඩුව කාලයේ පැවති ප්‍රමිති ආයතනයේ මහමණ්ඩලය විසින් අනුමත කල තින්දුවකට පසුගිය අගෝස්තු 18 සිට 20 දක්වා දින තුනක් සම්මුඛ පරීක්ෂණ සඳහා උපාධිධාරීන් 50 දෙනකු කැඳවා තිබේ. සෞභාග්‍යයේ දැක්ම අනුව පුහුණු උපාධිධාරීන් සඳහා රුපියල් 20000ක් ලබා දෙන බව සඳහන් කර තිබියදී ඔවුන්ට මාසයකට රුපියල් 35000ක් ගෙවීමට නියමිතය.
එසේ තෝරා ගත් 26 දෙනා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් බඳවා ගත් දින වන පසුගිය 02 සිට සේවයට කැඳවා ඇත.
එසේ බඳවා ගත් කිහිපදෙනකු උසස් නිලධාරීන්ගේ ඥාතීන් හා හිතවතුන්ගේ අය වන අතර එක් අයෙක් සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම අසමත්ව තිබියදී බඳවාගෙන ඇති බව වාර්තාවේ. ඔහු මේ වන විට පුරප්පාඩුවක් නොමැති වෙළෙඳ අංශයේ සේවයට පත් කරඇති බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවීරගෙන් කළ විමසීමකදී ඈ කියා සිටියේ වහාම ඒ පිළිබඳව අතිරේක ලේකම්වරයකු යටතේ පරීක්ෂණයක් සිදු කරන බවයි.