Press "Enter" to skip to content

වසර 5ක් යනතුරු ධූරය අත්නොහරින බව අගමැති කියයි

වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය.

අග්‍රාමාත්‍යවරයා පුවත්පතට මේ අදහස් පළකර තිබුනේ, වසර දෙකකින් ධුරය අත්හැරීමේ සූදානමක් ගැන පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.