සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ෆේස්බුක් සමූහයක් වූ ‘අම්මලාට ආස කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැඩි සේ විවේචනයට ලක් වූ මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.