මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් දරුවන්ට හැකි පමණ බීමට ජලය ලබා දෙන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
දියරමය ආහාර වැඩි වශයෙන් ලබාදීමටත් දිනපතා ස්නානය කිරීමටත් දරුවන් හුරුකරන ලෙසත් අව්වේ වැඩි වේලාවක් රැඳී නොසිටින ලෙසත් ඇය ඉල්ලා සිටී.
අධික රස්නය හේතුවෙන් දද, කුෂ්ඨ හා දහඩිය බිබිලි වැනි සමේ රෝග හට ගන්නා බැවින් එවැනි දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතු අතර පරිසරයේ අධික දූවිල්ලක් පැවතීම හේතුවෙන් ළමයින්ට හතිය වැඩිවිය හැකි බවද හැකි සෑම විටම මුඛ ආවරණය පැලඳ සිටීම යෝග්‍ය බවද විශේෂඥ වෛද්‍යවරිය පවසයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »