දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02 වැනිදා) ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවද පැවැසේ.
පුහුණුව ලබාදෙන මාස හයක කාලය සඳහා මාසයකට රුපියල් 25,000.00 ක දීමනාවක් ලබාදෙන අතර, පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්රයට අදාළව, සිය ස්ථීර පදිංචි ප්‍රදේශයේ රැකියා ලැබෙනු ඇත. ඒ අනුව රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් (රු.35,000) හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව හිමිවේ. වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.
කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවකු වීම, අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා 40ට නොවැඩිවීම සුදුසුකම් වේ.