මෙරට මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්, හෙරොයින් පැකට් රට පුරා බෙදාහැරීම සඳහා යොදාගන්නා නවතම වර්ණ ක්‍රමවේදයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන තිබේ.
අදාළ හෙරොයින් පැකට් කාගේ ඒවාද? යන්න පිළිබඳ හඳුනාගැනීම සඳහා නගරයෙන් නගරයට විවිධ වර්ණ යොදා ඒවා අලෙවිකරන බවට අනාවරණය කරගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දන්වා සිටියේය.
‘මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින ‘පොඩි ලැසී ඇතුළු ජාවාරම්කරුවන් තම ගෝලබාලයන් ලවා අදාළ හෙරොයින් පැකට්වල කවරය වර්ණ ගන්වා විවිධ ප්‍රදේශවලට බෙදාහැර තිබෙනවා. උදාහරණයක් ලෙස අම්බලන්ගොඩ ප්‍රදේශයට නිල් පැහැති කවර සහිත හෙරොයින් පැකට්ද, ගාල්ල ප්‍රදේශයට කොළ පැහැති කවරය සහිත හෙරොයින් පැකට්ද බෙදාහැර තිබෙනවා.’ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත දන්වා සිටියේය.