Press "Enter" to skip to content

මකුණෝ සැප ගන්න දඹුල්ල රෝහල

දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි රෝගීහු පවසති.

රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට ද මෙම මකුණු ප්‍රහාර එල්ලවීම නිසා ප්‍රතිකාර කටයුතු වලට පවා බාධා එල්ලවී ඇතැයි රෝහල් සේවකයෝ පෙන්වා දෙති.

ඇතැම් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පිටව යන බවද ඇතැම් රෝගීන් බලහත්කාරයෙන් ප්‍රතිකාර නොලබා රාත්‍රීයේම රෝහලෙන් පිටව යෑම පටන් ගෙන ඇතැයි රෝගීහු පෙන්වා දෙති.

දඹුල්ල මූලික රෝහල ශල්‍ය වාට්ටු වල වැඩි වශයෙන් මෙම මකුණු ගහනය පැවතීම නිසා තුවාල රෝගීන් අසීරුතාවයකට පත්ව සිටිති. රෝගීන් කියා සිටින්නේ තම ශරීරයේ තුවාල ඔතා ඇති රෙදි පටි අස්සෙන් සහ ප්ලාස්ටර් යොදා ඇති කැඩුම් බිඳුම් සහිත රෝගීන් ගේ දීර්ඝකාලීන බදාම සහිත වේළුම් අස්සේ මකුණන් බිත්තර දමා තම ශරීරයට දැඩි පීඩනයක් පත්ව ඇති බවය.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් කියාසිටියේ තමන් රෝහලට පැමිණ ඇත්තේ ප්‍රතිකාර ගැනීම සඳහා බවත් අවසානයේ දී ලේ දන් දීම සඳහා සිදුව තිබෙන බව ද අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ ගිලන් ව සිටීමට නොහැකිව දිවා රාත්‍රීයේ අවදියෙන් මකුණො ප්‍රහාරයන් වලින් බේරීම සඳහා උත්සාහ දරමින් සිටීමට සිදුව ඇතැයි රෝගීන් පවසති.

මීට ඉහතදී දඹුල්ල රෝහලේ මේ ආකාරයෙන්ම මකුණන්ගේ ප්‍රහාරයට ලක්වීමත් සමග රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය කොට මර්දනය සිදු කළ ද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියහ.

මේ වන විටත් වෛද්‍ය අධිකාරීවරයා සහ කාර්යයමණ්ඩලය විවිධ මර්දන කටයුතු සිදු කරමින් සිදු කිරීම සඳහා උත්සාහයක් නිරත වුවද මකුණන් මර්දනය කිරීම නොහැකි වී ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.