වැරදියට කහ වෙළඳාම් කළ වෙළෙඳුන් 113කට නඩු පවරා ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. මේ බව පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක ප්‍රියන්ත වෙජේසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම කහ කුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක පාලන මිලක් පනවා තිබිය දී ඒ මිල ඉක්මවා විකුණු වෙළෙඳුන්ට මෙලෙස නීතිමය පියවර ගෙන ඇත.
මිට අමතරව කල් ඉකුත් වූ කහ අලෙවිය සම්බන්දයෙන් ද නඩු පවරා ඇත.
එමෙන්ම මේ වන විට තත්වයෙන් බාල කහ නිෂ්පාදන සිදුකර වෙලදාම් කරන බවට ලද තොරතුරු මත විවිධ ප්‍රදේශ වලින් කහ කුඩු සාම්පල 42ක් පමණ එකතු කර ඇතැයි ද වාර්තා වේ.
එම සාම්පල වලින් 23ක් රසායනාගාර තුලදී පරීක්ෂා කර ඇති බවත් 13ක යම් යම් දේ මිශ්‍රව ඇතැයි වාර්තා ලැබී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා පවසනවා.
Published in Gossip
More from GossipMore posts in Gossip »