පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මේ ගැන දැනටමත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියානු කලාපය භාර (සවුත්බ්ලොක්) බලධරයන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ගවලින් වාර්තා වන බව “දේශය” පුවත්පත වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරය දරා ඇති ජ්‍යෙෂ්ඨ තානාපති නිලධරයකු ඒ සඳහා පත්වීමට ඉඩ ඇති බවද නිල නොවන වාර්තාවල සඳහන් බවද පැවසේ.
Published in Gossip
More from GossipMore posts in Gossip »