මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලන කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස නියමිත පරිදි විභාගය පැවැත්වීමට බාධා එල්ලවූ අතර සෞඛ්‍ය නිර්දේශ අනුව මෙම තීරණයට එළඹුනු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා දුන් කාලය සිකුරාදායින් (31) නිමවේ.
මෙවර විභාගය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මඟිනි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.
තුන්වන පාසල් වාරය දෙසැම්බර් 24 වනදායින් අවසන් වන අතර, ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 වනදා ආරම්භ කිරීමට නියමිතයි.