Press "Enter" to skip to content

ශ‍්‍රී ලංකාව කොරෝනා පැරදුවා කියා සහතිකයක් දෙන්න බෑ

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම පරාජය කළ බවක් කීමට නොහැකි යැයි හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය ලෝක මට්ටමෙන් පහව ගොස් නැති නිසා මෙරට ද කොරෝනා වලින් තුරන් කළ රටක් ලෙසත් ප‍්‍රකාශ නොහැකි යයි ඔහු කියා සිටියේ.

අපේ‍්‍රල් 30 වැනිදායින් පසු සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙක් මතු නොවූ බව ද පැවසූ හමුදාපතිවරයා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිසා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බව ද පැවසීය.

තව දුරටත් මෙරට වැසියන්ට ඉතාමත් පරිස්සමින් කටයුතු සිදු වුන බවත් සුළු හෝ වරදකින් වෛරස සමාජගත වීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

කොරෝනා පරාජය කළේ යැයි යම් විශ්වාසයක් ඇති වී තිබුණ ද ඒ සඳහා සහතිකයක් දිය නොහැකි බවත් ඕනෑම වෙලාවක මෙම වෛරසය මතු විය හැකි බවත් ඔහු කියා සිටියේය.