Press "Enter" to skip to content

ලාංකිකයෝ මව්බිමට එන්න පෝලිමේ – මැදපෙරදිගට සහ මාලදිවයිනට වැඩි ඉඩක්

කොරෝනා වසංගතය හමුවේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපයේදී තවත් වේගවත්ව සිදුකිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයේදී මැදපෙරදිග සහ මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛත්වයක් දීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

රටවල් 94 ක සිට ලාංකිකයන් 20850 ක් මේ දක්වා දිවයිනට ගෙන්වාගෙන ඇති බව ඒ මහතා පැවසීය.

අප්‍රිකානු රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක්ද මේ වනවිට ඔවුන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන්ද කඩිනමින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරෙයි.