ඔස්ට්‍රේලියාව විවිධාකාර කාලගුණ විපර්‍යාසයන්ට මුහුණ දෙන මහද්වීපයකි. පිහිටීම අනුව කාන්තාර, ශීත දේශගුණික තත්ත්වයන් මෙන් ම දරුණු ලැව් ගිනි තත්ත්වයන් ද නිරතුරුව දක්නට ලැබේ.
කාලගුණ විපර්‍යාසයක් හේතුවෙන් එරට සිඩ්නි ප්‍රාන්තයේ දිය ඇල්ලක් ඉහළ අතට ගලා ගිය පුවතක් වාර්තා වෙයි.
සාගරයේ සිට හමා එන තද සුළං ගල්පරවල වැදීමෙන් මෙම අපූර්ව ක්‍රියාවලිය සිදු වන බව ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සාගරය ආසන්නයේ පිහිටා ඇති රාජකීය ජාතික උද්‍යානයේ මෙම සංසිද්ධිය දැක ගන්නට ලැබේ.
අවුරුද්දේ සීමිත කාල සීමාවකදී පමණක් සුළං සහ වර්ෂාවෙන් ඇති වන මෙම ස්වාභාවික සිදුවීම් දක්නට ලැබෙන බව පැවසේ.



Published in Gossip
More from GossipMore posts in Gossip »