හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ ලංකාවේ ජනප්‍රිය උණුසුම් පුවත් මවන්නියක් බව අපි හැමෝම දන්නවා.රංජන් රාමනායක එක්ක සිදු කළා යැයි කියන දුරකතන සංවාද වගේම කොණ්ඩය කොටට කපා සිදු කළ කොණ්ඩා මෝස්තර නිසාත් ඇය ජනතාවගේ අවදානයට වැඩි වැඩියෙන් හේතු වුණා.
නමුත් ඇය කියා සිටියේ,
මම කවදාවත් පුවත් මවන්න උත්සාහ කරපු කෙනෙක් නෙවෙයි. පුවත් මවමින් බෙදාහරින්නේ අනිත් අය. එයාලට එයාලගේ රාජකාරිය කර ගන්න කියලා මාත් මගේ වැඩ කරගෙන ඉස්සරහට යනවා.
ඇත්තටම කොන්ඩෙ කපන්න හේතුව සැමියා හිරාන්ගේ ඉල්ලීමක් කියල දැනගන්න ලැබුණත් ඇය කිව්වේ,
පහුගිය කොරෝනා කාලයේ ගෙදරට වෙලා ඉද්දි මට හිතුණා මගේ කොණ්ඩේ කපලා අපේක්ෂා රෝහලට ලබා දෙන්න. ඒක පිනක් කියලා දන්න නිසා.සැලෝන් වහලා තිබුණ නිසා හිරාන්ම තමයි මගේ කොණ්ඩෙ කැපුවේ.