ලංකාවේ කාන්තා විදුලි ඉන්ජිනේරුවරියන් හය දෙනෙකුගෙන් ක්රියාත්මක වන එකම විදුලි බලාගාරය මොරගහකන්ද ජල විදුලි බලාගාරයයි .මෙහි කටයුතු අකණ්ඩව පවත්වාගෙන යාම සදහා වසරේ දින 365 ම පැය 24 ම මේ අය ලොකු වගකීමක් දරනවා.
මෙහි අනෙක් විශේෂත්වය නම් මේ ජලවිදුලි බලාගාරය ක්රියාත්මක කරන්නේ විදුලි බල මණ්ඩලයෙන් නොව මහවැලි අධිකාරිය මගින් වීමයි .
ඔවුන් එහි විදුලිය නිෂ්පාදනය කර විදුලි බල මණඩලයට විදුලිය ලබා දීමට කටයුතු කරනවා.මෙහි විශේෂත්වය වන්නේ හයදෙනාම කාන්තා විදුලි ඉන්ජිනේරුවරියන් වීමයි.