මෙරටින් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් අතරින් මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 195 ක් දක්වා පහත බැස තිබෙනවා.
මේ දක්වා මෙරටදී හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,069 ක්. ඒ අතරින් 1,863 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ස`දහන් කළේ.
ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූවන්ගේ ප‍්‍රතිශතය සියයට 90 ඉක්මවා තිබෙනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 11 ක් පමණයි.
මේ අතර, වව්නියාව වේලාන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 152 දෙනෙකු අද සිය නිරෝධායනය අවසන් කර ගම්බිම් බලා පිටත්ව ගියා.
විදෙස්ගතව සිට පැමිණ දින 14 ක නිරෝධායන කාල සීමාව අවසන් කළ එම පිරිස අතරට මහනුවර, මඩකලපුව, ගාල්ල, කොළඹ සහ අවට ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ඇතුළත්.
Published in Health