ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා
ඒ ට්විටර් ඔස්සේ සටහනක් පලකරමින්.
ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විමසා ඇත්තේ අදාළ තරඟ පාවාදීම සම්බන්ධයෙන්, නම් සහ සාක්ෂි පවතින්නේද යන්නයි.
මැතිවරණයක් ආසන්න වී ඇති අවස්ථාවේ සර්කස් සංදර්ශන ආරම්භ වී ඇති බව ද ඔහු එම ට්විටර් සටහනේ දක්වා තිබෙනවා.